ත්‍රීරෝද රථයක ගැටි දෙදරු පියෙක් ජිවිතක්ෂයට

Share

අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටි දෙදරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

අද(01) දහවල් 12 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය රෝහල අසලදිය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේ පදිංචි ආර්.එම් රන්බණ්ඩා නැමති 59 හැවිරිදි දෙදරු පියෙකි.

ජිවිතක්ෂයට පත් අය දික්ඔය මුලික රෝහලේ උපස්ථාදායෙකු වශයෙන් සේවය කරන අතර ඔහු මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයට ගොස් ආපසු නිවස කරා පැමිණිමට ප්‍රධාන මාර්ගය ඔස්සේ මස්කෙලිය නගරය දක්වා ගමන් කරන අතරතුර පසු පසින් අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයේ මරණකරු අඩි කිහිපයක් ඉදිරියට විසි වි ප්‍රධාන මාර්ගය අභියස පිහිටි ඇළ මාර්ගයකට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය සැකකරයි.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙක්ද තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

ත්‍රිරෝද රථයේ රියදුරා මස්කෙලිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිලිබඳව මස්කෙලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

අනතුරට හේතුව ත්‍රිරෝද රථයේ අධික වේගය බව මස්කෙලිය පොලිසිය පවසයි.

Read more

Local News