වදක තනතුරට බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ අද සහ හෙට

Share

වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද(02) සහ හෙට(03) යන දිනයන්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එ අනුව තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.

වදක තනතුර සඳහා අයඳුම්පත් 102ක් ලැබී තිබුණු අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් එම අයදුම්පත්‍ර සලකා බැලීමේන් අනතුරුව අයඳුම්පත් 79ක් තෝරාගෙන තිබුණි.

අද සහ හෙට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලින් සුදුසුකම් සපුරන පුද්ගලයින් කිහිපදෙනෙකු පළමුව වදක තනතුර සඳහා තෝරා ගැනීමට නියමිතයි.

එලෙස තෝරා ගන්නා පිරිස මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර වෛද්‍ය පරීක්ෂණයකට ද භාජනය කිරීමෙන් අනතුරුව වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු බඳවා ගැනීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාට වදක තනතුර සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දී අදාළ තනතුරේ අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.

Read more

Local News