ඇල්ජීරියානු ජනාධිපති සිය ධූරයෙන් ඉවත් වෙයි

Share

ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙලාසීස් බුටෙෆිලිකා කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන 28 වන දිනට ඔහුගේ ජනාධිපතිවරණයේ සිව්වන ධුර කාලය අවසන් වීමට නියමිතයි.

කෙසේවෙතත් එරට පවතින විරෝධතා හමුවේ අබ්දෙලාසීස් බුටෙෆිලිකා සිය ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බව වාර්තා වන්නේය.

පස්වන වරටත් ඇල්ජීරියානු ජනාධිපතිවරණය සදහා තරගවැදිමට අබ්දෙලාසීස් බුටෙෆිලිකා තීරණය කර තිබුණ ද ඊට එරෙහිව පැවති විරෝධතා හමුවේ ඔහු ජනාධිපති අපේක්ෂත්වයෙන් ඉවත් විය.

Read more

Local News