මරණ දඬුවම ලබාදීමේ තීරණය ඉවත දමයිද ?

Share

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ඉවත දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවත් එය ක්‍රියාත්මක කරන දින වකවානු මේ වන විට තීරණය කර ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කරයි.

“දශකට හතරකට පසුව ශ්‍රී ලංකාව යළිත් මරණ දඬුවම ගෙන ඒමට හේතුවක් නෑ” යැයි එම සංවිධානයේ දකුණු ආසියා අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ 1976 වසරෙන් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත. ශ්‍රී ලංකාව තුළ මේ වන විට මරණ දඬුවම නියම වී ඇති රැඳවියන්ගේ සංඛ්‍යාව 1299කි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කළේ මරණ දඬුවම නියම වි ඇති ඒහෙත් බන්ධනාගාරය තුළ සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් වෙනුවෙන් තමන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බවයි.

Read more

Local News