ප්‍රංශයේ අයිෆල් කුළුණ ඉදිකර පසුගිය ඉරිදාට වර්ෂ 130ක් සම්පූර්ණ වි තිබෙන බවට වාර්තා වෙයි.
එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට වසර දෙකක් ගතවී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.
ලොව සුපතල ගොඩනැඟිලි අතරින් එකක් වන පැරිසියේ අයිෆල් කුළුනේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙන්නේ 1887 වර්ෂයේදීයි.
1889 වර්ෂයේ මාර්තු 15වන දින එහි ඉදිකිරීම් මුළුමණින්ම අවසන් කර ඇති අතර එම මාසයේම 31 වනදා විවෘත කර තිබේ.
අයිෆල් කුළුණ ඉදිකිරීම සඳහා සේවකයන් තුන්සීයත් හාරසිය පනහත් අතර පිරිසක් දායකවී තිබුණු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටින්නේ.
යකඩ ගැහැණි යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වන මෙහි නිර්මාණකරුවා ප්‍රංශ ජාතික සිවිල් ඉංජිනේරුවරයෙකු වන ගුස්ටාෆ් අයිෆල්.
අඩි එක්දහස් හැට තුනක් උසකින් යුක්තව මුළුමණින්ම ලෝහ වලින් නිමවා ඇති මෙම අපූරු කුළුණේ බර ටොන් 7300ක්.