දිලිප් වෙදආරච්චි ඉල්ලා අස් වෙයිද ?

Share

ධිවර අමාත්‍යංශය සමඟ ආයතන පහක් කැබිනට් නොවන අමාත්‍යංශයක් ලෙස තමනට භාර නොදුනහොත් තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බව ධිවර රාජ්‍ය අමාත්‍ය දිල්ප් වෙදආරච්චි මහතා පවසයි.

හලාවත එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ ආරාධනයෙන් හලාවත කන්ජුක්කුලිය විදුහලේ නව තාක්ෂණික විද්‍යාගාර ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමත්‍ය දිල්ප් වෙදආරච්චි මහතා මෙසේ පැවසීය.

“මට මේ අමත්‍යංශයේ නිදහසක් නැහැ. කැබිනට් ඇමති  හැරිසන් මහත්මයාගේ ලේකම් යටතේ තමයි මට  වැඩ කරන්න වෙලා තියෙන්නේ.

ඒ නිසා ධිවර අමාත්‍යංශයේ නිදහස කියන එක මට නැහැ. පසුගිය අවුරුදු හතර තුළ මේක අමාත්‍යවරු හතර දෙනෙක් හා ලේකම්වරු හතර දෙනෙක් පාලනය කළා.

මේ අට දෙනාම ධිවරයට ආදරෙන් අමාත්‍යංශය පාලනය කලේ නැහැ. ලංකාව වටේ ධීවරයෝලක්ෂ විසිපහක් විතර ඉන්නවා.  ඒ ධීවරයෝ අද අනාථ වෙලා ඉන්නවා.

ඒ ධීවරයෝ ගැන බලන්න හොයන්න කෙනෙක් නැහැ. ඒ අයගේ වැඩක් කරගන්න ඒ අයට විදිහක් නැහැ. බලපත්‍රයක් ගන්න විදිහක් නැහැ.

හැම එකක්ම සල්ලිවලටයි කරන්නේ. සල්ලිවලට මිට පෙර කවදාවත් ධිවර අමත්‍යංශයේ වැඩ කෙරිලා නැහැ. අද ඒ තත්ත්වය උදා වෙලා තියනවා. මට එහෙම කරන්න බැහැ.

මම ධිවරයට ආදරය කරන මිනිහෙක්.මම ධිවර කර්මාන්තය කරන මිනිහෙක්. ඒ නිසා මට ඕනෑ  ධීවරයා,  ධිවර කර්මාන්තය ආරක්ෂා කර ගන්න.

පාරිභෝගිකයාට සහන මිලට මාළු කැල්ලක් දෙන්න ඕන. මේ කිසි දෙයක් අද කරන්නේ නැහැ. ඒ නිසයි මම කියන්නේ ධිවර අමත්‍යංශය මට භාර දෙන්න කියලා. මේක තමයි මගේ අවසාන කතාව.

මම මේ ගැන අගමැතිවරයාට දැනුම් දීලා තියනවා.“

Read more

Local News