නිල් පැහැති මැණික් ගලක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

නිධානයකින් ලබාගත්තේ යැයි කියන ග්‍රෑම් 300ක් බර මිල කළ නොහැකි නිල් පැහැති මැණික් ගලක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

නවගත්තේගම, රළපනාව, මහායාය රක්ෂිතයේ ගල්තලාවක තිබී මේ මැණික් ගල ගොඩගෙන ඇති අතර, එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති බවත්, එහි ප්‍රමාණය සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක ප්‍රමාණයට සමාන බවත් පොලිසිය සඳහන් කර සිටියේය.

එසේම මැණික් ගල තිබූ ස්ථානයේ තිබී නෙලුම් මලක හැඩයක් සහිත කවාකාර ශෛලමය කොටසක් ද පොලිසිය සොයාගෙන ඇති අතර මැණික් ගල තිබූ ස්ථානය එම ශෛලමය කොටසින් ආවරණය කර තිබූ බව ද පොලිසිය සඳහන් කළේය.ෙ

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා මාතර හා නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Read more

Local News