යාපනයේ නැවත පදිංචි කිරීමට පෞද්ගලික ඉඩම් මිල දී ගන්න අනුමැතිය

Share

උතුරු-නැගෙනහිර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පෞද්ගලික හිමිකරුවන් වෙතින් ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන සහ උතුරු පළාත් සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

යාපනය ප්‍රදේශයේ ප්‍රමාණවත් රජයේ ඉඩම් නොමැතිවීම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව නැවත පදිංචිකිරීම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බව රජය පවසා සිටියි.

ඒ අනුව අවශ්‍ය ඉඩම් ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව පදනම් කරගනිමින් පෞද්ගලික හිමිකරුවන් වෙතින් මිලදී ගැනීමට තීරණය කර ඇති බව සඳහන්ය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති ගැටුම් හේතුවෙන් සුබසාධන මධ්‍යස්ථාන 25ක් තුළ අවතැන් වූ පවුල් 577ක් පමණ සිටින අතර ඉන් පවුල් 381ක් ඉඩම් අහිමි පවුල් ලෙස හඳුනාගෙන ඇත.

Read more

Local News