සමලිංගික සේවනයේ යෙදෙන්නන් ගල්ගසා මරා දැමිය යුතුයි

Share

සමලිංගික සේවනයේ යෙදෙන්නන් ගල්ගසා මරා දැමිය යුතු බවට වන බෲනායි රාජ්‍යයේ නව නීතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහ විවිධ මානව හිමිකම් සංවිධානවල දැඩි විරෝධය පලවී ඇත.

අද (03) දිනයේ සිට අදාල නීතිය ක්‍රියාත්මක කිරීමට බෲනයි සුල්තාන් හසනල් බෝල්කියා මුයිඉසඩීන් තීරණය කළේය.

කෙසේවෙතත් බෲනායි රාජ්‍යයේ මානව හිමිකම් සංවිධාන සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඇතුළු විවිධ පාර්ශව මෙම තීරණය පිළිබඳ දැඩි අප්‍රසාදය පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

72 හැවිරිදි සුල්තාන් හසනල්, ලන්ඩන් හා ලොස් ඇන්ජලීස් යන නගර ඇතුළු ලොව පුරා නගර කිහිපයක සුපිරි හෝටල් සංකීර්ණ රැසක හිමිකරුවෙකු වෙයි.

කෙසේවෙතත් සමලිංගිකයින් සම්බන්ධයෙන් ඔහු විසින් හඳුන්වාදුන් නව නීතියට විරෝධය පල කරමින් සුල්තාන් හසනල්ට අයත් එම හෝටල් වර්ජනය කිරීමට ඇතැම් සංවිධාන විසින් ප්‍රචාරණ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News