2016 වසරේ කිරුළපන පැවැති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ කරමින් ජාතික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලබා, 2025 ජනවාරි මාසයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස 09 ක සිර දඬුවම සහ රුපියල් 1500/- ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද දින තහවුරු කරන ලදී. තමන් වහන්සේව නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, ආගමික සංහිඳියාව බිඳ වැටෙන ප්‍රකාශ නිකුත් කිරීම නීති විරෝධී බවත්, එවැනි ක්‍රියා වැළැක්වීම අධිකරණයේ වගකීමක් බැවින් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නිවැරදි බවත්ය.



