නාමල්ට සැකයක් මතුවෙලා

Share

විදුලි අර්බුදයේ වගකීම ආණ්ඩුව භාරගතයුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණයේ  පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

විඳුලි කප්පාදුව පිටුපස නොදන්නා රහසක් තිබෙන බවත් විෂය භාර ආමාත්‍යවරයා සහ වත්මන් රජයේ ක්‍රියාකලාපය දෙස බැලු විට එ් පිළිබඳ සැක සහිත බවත් මන්ත්‍රීවරයා පවසයි.

එළබෙන මැතිවරණ  සමයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස විඳුලිය කප්පාදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව ද  මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

එවැන්නක් සිඳු වේ නම් තමන්ගේ සුබසිද්ධිය උදෙසා  ජනතාව පරදුවට නොතන ලෙස ද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Read more

Local News