වන්නි උපාධිධාරීන් පිරිසක් මහින්දව හමුවේ

Share

වන්නි ප්‍රදේශයේ උපාධිධාරීන් පිරිසක් අද(04) දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුහුණ ගැසී තිබේ. ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීය.

උතුරු නැගෙනහිර ජනතාව වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදීමක් නොමැති බව එම සංගමයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ සිදුකළ සංවර්ධන කටයුතු හැරුණු කොට මේ රජය විසින් කිසිම සංවර්ධන කටයුත්තක් උතුරු නැගෙනහිර ප්‍රදේශයට කර නොමැති බවද කියා සිටියේය.

එම ප්‍රදේශයේ පවතින දේශපාලන පක්ෂ ඡන්ද ලබා ගැනීම සඳහා පමණක් ජනතාව නොමඟ යවන බවත්, ඡන්දයෙන් පසු ඡන්ද දායකයා නොසලකා හරින බවත් පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ,

අපි අපේ කාලයේ ඔබලාගේ අවශ්‍යතාවයන් තේරුම්ගෙන සංවර්ධන කටයුතු ඉටු කළා. අපි උතුරු නැගෙනහිර ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගෙන තිබෙනවා. ඔබලා ඡන්දයේදී පත්කළ පක්ෂ, විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් රජයට සහාය දෙනවා. ඔවුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළත්, එම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කිසිම වේලාවක පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත කටයුතු කර නැති බවයි.

ඔබලාගේ සහ උතුරු නැගෙනහිර ජනතාවගේ සහයෝගයෙන් අපි රජයක් පිහිටුවනවා. අපි ඔබලාගේ අවශ්‍යතාවයන් තේරුම් ගෙන තිබෙනවා. එසේම ස්ථිර වශයෙන්ම උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය අපි විසදනවා. සංවර්ධන කටයුතු කඩිනමින් ඉටු කර දෙනවා යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවේදී පැවසීය.

Read more

Local News