දුර්ලභ දියමන්තියක් අලෙවි වෙයි

Share

කැරට් 88ක බරකින් යුත් දුර්ලභ ගණයේ දියමන්තියක් අමෙරිකානු ඩොලර් මිලියන දහතුනයි දශම අටක මුදලකට සොදබිස් වෙන්දේසි සමාගම විසින් පසුගියදා අලෙවි කර තිබෙන බවට වාර්තා වෙයි.

ඔපදැමීමට පෙර කැරට් 242ක් බරකින් යුක්ත වූ මෙම දියමන්තිය සොයාගෙන තිබුණේ බොට්ස්වානාහි පතලකිනි.

කපා ඔප දැමීමෙන් පසුව ඕවල් හැඩැති එම දියමන්තියේ බර සටහන් වුණේ කැරට් 88යි දශම දෙකයි දෙකක් ලෙසටය.

ලොව දියමන්ති සැපයුමෙන් සියයට හතළිහක් පමණ බොට්ස්වානා රාජ්‍යයෙන් සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ජපන් ජාතිකයෙකු වෙන්දේසි ගාස්තුද ඇතුළත්ව අමෙරිකානු ඩොලර් මිලියන දහතුනයි දශම අටකට දියමන්තිය මිලට ගෙන ඇති බව සඳහන්ය.

Read more

Local News