දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ගින්නක්

Share

දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ගින්නක් හටගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ලැව් ගින්නෙන් අයෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

දකුණු කොරියාවේ ගැන්ග්වොන් පළාතේ සොක්චෝ සංචාරක නිකේතනය ආසන්නයේ වනාන්තර කලාපයක මෙම ගින්න හටගෙන ඇත.

මේ වන විට ගින්නෙන් දැවී විනාශයට පත්වූ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 385කි.

ඉන් නිවාස 300කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

ලැව්ගින්න ව්‍යාප්තවීම හේතුවෙන් පුද්ගලයින් 4 000ක් පමණ ස්ථිර වාසස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත.

ගින්න හේතුවෙන් පාසල් 52ක් දැනටමත් වසා දමා ඇති අතර ඇතැම් පාසල් වල අවතැන්වූවන් තාවකාලිකව රඳවා සිටින බවට ද වාර්තා වෙයි.

Read more

Local News