ජාන්වී කපූර් නැවතත් කරළියට එයි

Share

2018 වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ ‘දඩක්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි ශ්‍රීදේවිගේ දියණිය වන ජාන්වි කපූර් තමන්ගේ මීළඟ චිත්‍රපටය සඳහා මේ දිනවල සූදානම් වන බව වාර්තා වෙයි.

දිනේෂ් විජානි අධ්‍යක්ෂණය කරන ‘රෝ අෆ්සා’ චිත්‍රපටය තුළින් යළිත් කරළියට එන ඇය මෙහි ද්විත්ව චරිතයක් නිරූපණය කරන බවයි සඳහන් වන්නේ.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රාජ්කුමාර් රාඕ හා වරූන් ෂර්මා සමග ජාන්වි කපූර් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙයි.

අත්භූත කතා තේමාවක් ඇතුළත් කතා දාමයක් මෙම චිත්‍රපටය පුරාවට දිවයයි.

Read more

Local News