මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, පසුව එය අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලට පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින(06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කලුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරියවැවසහගල්කඩුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News