ලාෙරි රථ දෙකක් ගැටී 2ක් මරුට

Share

කුරුවිට එරත්න මාර්ගයේ එක්නැළිගොඩ වලව්ව අසලදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

ගෑස් ප්‍රවාහනය කරන ලොරියක් මාර්ගය අසළ නවතා තිබු විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ විදුලි බල මණ්ඩලයට අනුයුක්ත ලොරි රථයේ රියදුරු එහි සිට ඇති අතර කොන්ත්‍රාත් පදනම මත ගස්වල අතුකපමින් සිටි පිරිසක් ඒ අසළ සිට ඇත.

එහිදී ගෑස් ප්‍රවාහනය කළ ලොරිය අනෙක් ලොරියේ සහ ගස්වල අතුකපමින් සිටි පිරිසගේ ගැටී ඇත.

අනතුර සම්බන්ධයෙන් ගෑස් ප්‍රවානය කළ ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කුරුවිට පොලීසිය සිදු කරනු ලබයි.

Read more

Local News