කෝවිලක් කඩා මුදල් සොරා ගත් අයෙක් රිමාන්ඩ්

Share

මස්කෙළිය, සාමිමලේ ඕල්ටන් තේ වතුයායේ, පහළ කොටසේ ආණ්ඩි පිල්ලෙයාර් නැමති හින්දු කෝවිල කඩා මුදල් සොරාගත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි රුපියල් 8000ක් පමණ වටිනා රත්තරන් තාලි දෙකක් හා පඬුරු මුදල් රුපියල් 4000ක් සොරා ගැනීමේ චෝදනාව යටතේ මස්කෙළිය පොලීසිය මඟින් මෙම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඊයේ(05) හැටන් අධිකරණයේ, දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජෙයරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත ගත කරනු ලැබුවේ වයස අවුරුදු 42 හැවිරිදි මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ, උඩ කොටසේ පදිංචි පුද්ගලයෙකි.

Read more

Local News