මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00න් පමණ  පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පසුව එම වැසි අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට පැතිර යා හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකඅකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (07)දහවල් 12.11 ට නල්ලූරුව, බැල්ලපිටිය, බෝතලේ, කහවත්ත, කඳුරුගල්ල, කෝන්කැටිය,හබැස්ස සහ දොබගහවෙල යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News