වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මෙන්න

Share

සීඝ්‍ර ග්‍රාමීය සංවර්ධනයක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතර පැවති උත්සවයකට ඊයේ (06) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මාතර මාවරල ඉන්දොළවත්ත වතුයායෙ වතුනිවාස 50ක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ පස්වරුවේ මෙරට ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං, අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍ය පලනි දිගම්බරම් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.

පසු ගිය වසරවල මෙන් සංවර්ධනය වචනයට පමණක් සීමා නොවු බවත් එම කටයුතු සඳහා ජාත්‍යාන්තර වශයෙන් විශේෂයෙන් ඉන්දියාව අතහිත ලබා දෙන බවත් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

Read more

Local News