අනවශ්‍ය ප්‍රවර්ධනය මගින් දරුවන් මුහුණ දෙන පීඩාවන්ට තිත

Share

පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් තරගකාරීත්වය ප්‍රවර්ධනය වන අයුරින් පෝස්ටර් බැනර් වැනි ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව චක්‍ර ලේඛයක් මඟින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා තිබේ.

ඒ අනුව අදාළ තීරණය ගෙන තිබෙන්නේ සමත් සහ අසමත් ලෙස දරුවන් වෙන් කරමින් නිර්මාණය වන බෙදීම තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මානසික අර්බුදයන්ට ලක් වන බව සහ ඔවුන්ගේ මානවීය ගුණාංග සංවර්ධනය සඳහා ද එය අහිතකර වන බවට ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුව හරහා ඉදිරිපත් කර තිබූ නිර්දේශ ද සැලකිල්ලට ගනිමිනි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කර තිබේ.

Read more

Local News