සියලු විදුලි ඉංජිනේරුවරුන් අද පෞද්ගලික නිවාඩු දාලා

Share

විදුලි ඉංජිනේරුවන්ගේ විශේෂ මහා සභා රැස්විමක් කොළඹදී අද (08) පැවැත්විමට නියමිතව තිබේ.

ඒ අනුව දිවයින පුරා සිටින සියලු ඉංජිනේරුවරුන් පෞද්ගලික නිවාඩු වාර්තා කරමින් මෙම රැස්විමට සහභාගි වීමට නියමිතයි.

විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසුවේ විදුලිය සම්බන්ධ ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදි සාකච්ඡා කරන බවයි.

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඇති ගැටලු සම්බන්දයෙන්ද මේ වන විට සේවකයන් යම් නොසන්සුන්කාරී තත්ත්වයකට පත් වී ඇති බව ද ඒ මහතා පැවසීය.

Read more

Local News