ආගරපතන පොලිසියේ අවි ගබඩාවේ තිබු පිස්තෝල 2ක් අතුරුදහන්

Share

නුවරඑලිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයට අයත් ආගරපතන පොලිසියේ අවි ගබඩාවේ තිබු පිස්තෝල දෙකක් අතුරුදහන් විම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිස් අධිකාරි අයි.ටි.බි.සුගතපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ආගරපතන පොලිසියේ අවි ගබඩාව එම පොලිසියේ සේවය කරන සැරයන්වරයෙකු භාරයෙ තිබෙන අතර පිස්තෝල අවි ගබඩාවෙන් අතුරුදහන් වි ඇති බව ඉකුත් 3 වෙනිදා අවි ගබඩාව භාරව සිටි සැරයන්වරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දි ඇත.

අවි ගබඩාව භාරව සිටි සැරයන්වරයා සමඟ හිත් අමනාපකම් තිබු කිසියම් පොලිස් නිලධාරිවරයෙකු මෙම පිස්තෝල දෙක සඟවා තබන්නට හෝ රැගෙන යන්නට ඇති බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා සැකකරයි.

අතුරුදහන් වි ඇති පිස්තෝල දෙක සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

Read more

Local News