නීති විරෝධී මත්පැන් බැරල් 2ක් නාවික හමුදාව භාරයට

Share

ඊයේ(08) පනිච්චන්කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 420 ක් (බැරල් 02) සොයා ගැනීමට සමත්ව ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වාකරේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

තවද, පසුගිය අප්‍රේල් 06 වන දින එම ප්‍රදේශයේම සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 210 ක් සමඟ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

Read more

Local News