බස්නාහිර පළාතේ අවසන් සභා වාරය අදයි

Share

බස්නාහිර පළාතේ 06 වැනි පළාත් සභාවේ අවසන් සභාවාරය අද (09) දිනයට යෙදී තිබේ.

බත්තරමුල්ල, ශ්‍රීජයවර්ධනපුර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 හි පිහිටි බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රයේ සභා ශාලාවේදී අද පෙ.ව. 09.30ට සභා රැස්වීම පැවැත්වේ.

2014 වසරේ අප්‍රේල් 22 වැනිදා ආරම්භ වූ හය වැනි පළාත් සභාවේ නිල කාලය මේ මස 21 වැනිදායින් අවසන්වීමට නියමිතය.

අද පැවැත්වෙන සභා වාරයේදී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙහි මල අපවහනය හා සම්බන්ධ අතුරු ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාවක් සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News