ගෝඨාට සිතාසි භාරදීලා නෑ

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ ගොනු කර ඇති බව කියන නඩුවලට අදාල සිතාසි ඒ මහතා වෙත භාරදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් සමාජ ජාල වෙබ් අඩවියක පල කර ඇති අදාල ඡායාරූපයෙන් වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී කාන්තාවක් විසින් එම ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන අයුරු පෙන්නුම් කෙරෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා හි අධිකරණයක සිවිල් නඩු දෙකක් පවරා ඇති බවට ඊයේ (08) දිනයේ මාධ්‍ය වාර්තා පල විය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් එක් නඩුවක් ගොනු කර ඇති අතර දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසනයට ලක්කළ බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය විසින් තවත් නඩුවක් මෙලෙස ගොනු කර ඇති බව සදහන්.

එම නඩුවලට අදාල සිතාසි මේ වන විට අමෙරිකාවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණි.

කෙසේවෙතත් එවැනි සිතාසියක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී නොමැති බව ඔහුගේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටින්නේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව වෙනත් ප්‍රාන්තයක බව ද සදහන් කළ එම ප්‍රකාශකයා ලබන සිකුරාදා දිනයේ ඒ මහතා යලි දිවයිනට පැමිණීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.

Read more

Local News