ජනතාවට සොයාගන්න බැරි දෙයක් ගැන දයාසිරි කියයි

Share

එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට අවුරුදු සැමරීමට නොව ජීවත් වීමට අවශ්‍ය ආහාර ටිකවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මීට අමතරව ඉතිහාසයේ වැටීම කම්කරු අරගල සිදුවන කාලය බවටත් මෙම කාලය පත්ව තිබෙන බවට එක්සත් ජාතික පක්ෂය කුමන ප්‍රකාශ සිදු කළත් රට විශාල අර්බුදයකට ලක්ව තිබෙන බවද අද (09 දා) පැවැති මාධ්‍ය  සාකච්ඡාවකදී දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේය.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහාපරිමාණ ව්‍යාපාරිකයා දක්වා සියලුම දෙනාත් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවද හෙතෙම පවසා සිටියේය.

Read more

Local News