මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(10) පස්වරුවේ ගිගුරුම් තද වැසි පතිත විය.

අද පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වා බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නල්ලත්නිය සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය.

අධික වර්ෂාවත් සමඟ ම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වලට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමු ඔයෙත්, මස්කෙලිය ඔයෙත් ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහල බැස තිබු අතර, ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.

Read more

Local News