ආවා කල්ලියෙන් නිවේදනයක්

Share

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට අමානුෂිකව නවක වදය දෙන සිසුන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බවත් වහාම නවකවදය නවත්වන ලෙසත් දැනුවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි තුළ ආවා කල්ලිය විසින් පෝස්ටර් කිහිපයක් අලවා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ඊයේ (09දා) රාත්‍රියේ ආවා කල්ලියේ බව කියවෙන අලවා තිබූ පෝස්ටර වලට පිළිතුරු වශයෙන් යාපනය විශ්ව විද්‍යාලය හා නැගෙනහිර විශ්ව විද්‍යලයන්හි ශිෂ්‍ය සංගම් විසින්ද නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට නවක වදයක් ලබා නොදෙන බව අද (10)දා උදෑසන යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ අදාළ ගොඩනැගිලි තුළද පෝස්ටර් ඇලවීමට පියවර ගෙන ඇත.

Read more

Local News