මාලදිවයින් භාරයේ සිටි ධීවරයින් 21ක් අද දිවයිනට

Share

මාලදිවයින බලධාරීන් භාරයේ පසුවු මෙරට ධීවරයින් 21 දෙනෙකු අද(11) දිවයිනට පැමිණීමට නියමිතයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේ අදාල ධීවරයින් අද රාත්‍රියේ දිවයිනට පැමිණෙනු ඇති බවයි.

පසුගිය පෙබරවාරි මස 28 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින යාත්‍රා දෙකක් සමඟ මෙම ධීවරයින් පිරිස ජාත්‍යන්තර මුහුදේ දී මාලදිවයින් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.

මෙම ධීවරයින් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ගෙන්වා ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

Read more

Local News