රංගන ශිල්පී රයන් අද අධිකරණය හමුවට

Share

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ සිට එරටින් පිටුවහල් කෙරුණු රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මෙරටදී රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අද(11) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලීසියට භාර දෙනු ලැබූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කෙරේ.

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ 15දෙනා අතරින් 08 දෙනෙකු මුදා හැර ඇති අතර සෙසු 07 දෙනා වැඩිදුර විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

Read more

Local News