අලුත් අවුරුද්දට රැඳවූවන් බලන්න දින 05ක්

Share

සිංහල හා දෙ‍මළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවූවන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෙට(13) සිට දින 05 ක කාලයක් ලබා දී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට පෙර අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවූවන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදී තිබුණේ අවුරුදු දිනය සහ තවත් එක් දිනයක් පමණයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු ගැටළු සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කළ බවයි.

Read more

Local News