අවුරුදු සමයේ විකුණන්න ගෙනා හොර අරක්කු තොගයක් අල්ලයි

Share

සිංහල දෙමල අලුත් අවුරුද්ද නිමිතිකොට ගෙන විකුණන්න ගෙන ආ නීති විරෝධී අරක්කු බෝතල් 300ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව කිරාන්හි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් කරන ලද හදිසි මෙහෙයුමේ නීති විරෝධීව බලපත්‍ර නොමැතිව සඟවා තිබු අරක්කු බෝතල් 300ක් බාරයට ගත් බවයි සුරා බදු දෙපාර්තමේන්තුවේ දිසා භාර නිලධාරී එස් දයාලේස්කුමාර් මහතා කියා සිටියේ.

කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවසක් වැටලුවිට මි.ලි 180ක් බර ඇති බලපත්‍රි නොමැති අරක්කු බෝතල් 300ක් සුරාබදු නිලධාරින් බාරයට ගත්හ.

බෝතල් 50කින් යුත් පෙට්ටි 6ක අසුරුවා තිබු මෙම මත්පැන් බෝතල් බාරයට ගත් අතර පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගන්නා ලදි .

අත්අඩංගුවට ගත් පුද්ගලයා හා මත්පැන් බෝතල් වාලච්චේන අධිකරණයට ඉදිරපත් කිරීමට කටයුතු යොදා ඇත.

සුරාබදු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News