මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැල සිටුවීමේ නැකත ද එක් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තුන්පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සදුදා හෙට දින පුර්වභාග 11.17ට මෙම නැකත යෙදි ඇති බවයි.
ශ්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම සිදුකළ යුතුය.
මෙම සුබනැකතින් පැලයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.




 
                                    