ලොව විශාලතම ගුවන් යානය පියසැරිය අරඹයි

Share

ලොව විශාලතම ගුවන් යානය පියසැරිය අරඹයි.
14 අප්‍රෙල් 2019

ලොව විශාලතම අහස් යානය ලෙස සැලකෙන ඇමෙරිකානු ‘ස්ටරාටෝලොන්ච්’ ගුවන් යානා සමාගමේ ‘ස්ටරාටෝ ලොන්ච් බහීමෝත්’ කැලිෆෝනියාවේ මොහාවි කාන්තාරයේ දී සිය මංගල ගුවන් මන ආරම්භ කළේය.

මෙම ගුවන් යානයේ පියාපත් දෙකේ දිග ඇමෙරිකන් පා පන්දු පිටියකට වඩා දිගින් වැඩිය. (මීටර් 117 ක්) එයාර්බස් ඒ 380 ගුවන් යානයකට වඩා 1.5 ක් ප්‍රමාණයෙන් විශාලය. ගුවන් යානය නිපදවා ඇත්තේ ස්කේල්ඞ් කොම්පොසිට් සමාගමේ ඉන්ජිනේරුවන් යැයි ද පැවසෙයි.

මංගල ගමන ආරම්භ කරමින් ගුවන් යානය පැය දෙකක් අහසේ රැඳී සිටියේය.

මේ යානය නිර්මාණය කර ඇත්තේ අභ්‍යවකාශය තෙක් ගමන් කිරීමටය. අනාගතයේ ගගනගාමීන් රැගත් ෂටල පමණක් නොව රොකට්ටු පවා උඩු ගුවනට රැගෙන යෑමට මෙම යානය යොදා ගන්නා බව පැවසෙයි.

Read more

Local News