ටික් ටොක් වීඩියෝ යෙදුම තහනම් කිරීමට පියවර

Share

ටික් ටොක් වීඩියෝ යෙදුම තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සඳහන් වෙයි.

මේ ඔස්සේ අසභ්‍ය වීඩියෝ නිර්මාණ කෙරෙන බවට ඉන්දීය අධිකරණයක් හමුවේ ගොනු කර තිබූ පැමිණිල්ලක් විභාග කර අවසානයේ මෙම නියෝගය නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ නියෝගය, ඉන්දියානු රජය විසින් මේ පිළිබඳව ගූගල් සමාගමට හා ඇපල් සමාගමට ද දැනුම් දීමට පියවර ගෙන ඇත.

ටික් ටොක් බංග්ලාදේශය තුළ ද තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඊට හේතු වී ඇත්තේ ළමුන්ගේ දර්ශන සහිතව වීඩියෝ නිර්මාණය වීමයි.

ලොව පුරා මිලියන 500ක පමණ පිරිසක් භාවිත කරන මෙම යෙදුම ඉන්දියාවේ පමණක් මිලියන 120කට අධික පිරිසක් භාවිත කරනු ලැබේ.

ඉන්දීය තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය විසින් මෙම යෙදුම ඔන්ලයින් සේවාවලින් ඉවත් කරන ලෙසට දැනුම් දීමක් කර තිබේ.

එසේම රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ගූගල් විසින් ටික් ටොක් යෙදුම ඉන්දියාව තුළ ඉවත් කර ඇති බවය.

කෙසේ නමුත් පසුගිය අගහරුවාදා වන තුරුම ඇපල් ජංගම දුරකථනවල එය පැවති බව ද වාර්තාවේ.

Read more

Local News