මුහුද යට තියන අපූරු අවන්හල මෙන්න

Share

නොර්වේ රාජ්‍යයේ පළමු සාගරය යට පිහිටා ඇති පළමු අවන්හල පසුගිය මස විවෘත විය.

මෙම අවහන්හලේ පාරිභෝගිකයන් 40 දෙනෙකුට ඉඩ පහසුකම් සපයා ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මීටර් 1/2ක් පමණ ඝනකමින් යුක්ත කොන්ක්‍රීට් ආවරණයක් ද පිහිටා ඇත.

සාගරය යට වර්ග අඩි 5,300ක් පුරා ඉදිවී ඇති මෙම අවන්හලේ අදියර 3ක් පවතියි.

එමෙන් සාගරයේ දර්ශනයන් දැක බලා ගැනීමට මෙම අවන්හලේ අඩි 36ක දිගින් යුක්ත හාත්පස පෙනෙන වීදුරැක්ද සවිකොට තිබේ.

මෙම අවන්හල ඉදිකිරීම සඳහා ගත වී තිබුණේ මාස 6ක් පමණ කාලයකි.

මෙම ඉදි කිරීම ටොන් 2,500ක් පමණ බරුති ඉදිකිරීම සාගරයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ලෙස නිර්මාණය කර තිබෙන බවද එය නිර්මාණය කළ ඉංජීනේරැවරුන් පවසා තිබුණි.

මෙහි එන පාරිභෝගිකයන්ට මුහුදු ආහාර ලබා ගැනීමට හැකියාව ඇති අතර ඉතාමත් සැප පහසු ප්‍රේමණීය අවස්ථාවන් ගත කිරීමටද අවස්ථාව ලැබෙන බවද සඳහන්ය.

No photo description available.
No photo description available.

Read more

Local News