මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 5ක් මාට්ටු

Share

කිළිනොච්චිය, භාරතීපුරම් සුසාන භූමිය ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී යතුරුපැදි 5 ක් සහ රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඔවුන් ඉදිරි විමර්ශන සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

Read more

Local News