ලාංකික “රාවණ වන්” දියත් කරයි

Share

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රි ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ “රාවණ වන්” චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව සාර්ථකව දියත් කර තිබේ.

එය ශ්‍රි ලංකා වේලාවෙන් අද (18) අළුයම 02.18 පමණ  අමෙරිකාවේ වර්ජනියා ප්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයෙන් දියත් කර ඇති බව වාර්තා වේ.

අදාල චන්ද්‍රිකාව “අන්තරේස්” රොකට්ටුව අධාරයෙන් සිග්නස් අභ්‍යාවකාශ යානය මඟින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

මෙම “රාවණ – වන්” චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායකත්වටය ලබා දි ඇත්තේ ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන ශ්‍රි ලංකිකයින් දෙදෙනායි.

“රාවණ – වන්” චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක ප්‍රමාණයකින් සහ කිලෝග්‍රැම් 1.05 බරින් යුක්ත වේ.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් පසුව ලබන මැයි මස අවසානයේ හෝ ජුනි මස මුලදි මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන්  අනතුරුව දිනකට වට 15කට ආසන්න කාලයක් පෘථිවිය වටා භ්‍රමණය වනඅතර  එහි වේගය තත්පරයට කිලෝමිටර් 7.6ක් වේ.

ශ්‍රි ලංකාවේ සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනිම ඇතුළු කරුණු 5ක් මෙම රාවණ වන් චන්ද්‍රිකාව මඟින් සිදුකර ගැනීමට සැළසුම් කර ඇත.

Read more

Local News