කුඩු සමඟ අයෙක් පොලිස් දැලේ

Share

ග‍්‍රෑන්ඞ්පාස් මැදපාර ප‍්‍රදේශයේ දී පොලීසිය සිදු කළ වැටලීමකදී හෙරොයින් ග‍්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 300 ක් ළග තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචි 48 හැවරිදි පුද්ගලයෙක්.

සැකකරු අද(18) මාළිගානක්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොරටුව දුම්රියපළ අසලදී පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හොරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 110 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා මොරටුමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 50 හැවරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News