හෝමාගම ඉදිවන නව ඖෂධ කර්මාන්ත ශාලාව සුව ඇමැතිගේ නිරීක්ෂණයට

Share

ඖෂධ සහ දියර ඖෂධ නිෂ්පාදනය කිරීමේ අරමුණින් හෝමාගම ඉදිකරනු ලබන Morison Pharmaceutieral  Research and Manufacturing Facility කර්මාන්ත ශාලාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් නිරීක්ෂණය කරන ලදි.

ඇමරිකානු ඩොලර් මිලියන 70 ක වියදමින් ඉදිකරනු ලබන මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් කටයුතු 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී ආරම්භ විය.

තරුණ තරුණියන් 350 කට රැකියා අවස්ථා හිමිවන මෙම කර්මාන්ත ශාලාව මගින් ඖෂධ පෙති සහ දියර ඖෂධ බිලියන 05 ක් වාර්ෂිකව නිෂ්පාදනය කිරීමට සැළසුම් කර ඇත. 2020 වසරට ප්‍රථම මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතය.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව මෙරටට අවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාව තුලදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ඖෂධ කර්මාන්ත ශාලා ඉදිකිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව දෙස් විදෙස් ආයෝජකයින් 36 ක් ඖෂධ කර්මාන්ත ශාලා ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

මෙම නිරික්ෂණ චාරිකාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා ද එක්ව සිටියේය.

Read more

Local News