Tuesday, March 19, 2024.

ඉවන්කා ට්‍රම්ප් කොකෝවා ගොවිපලක සංචාරයක්

Share

ධවල මන්දිරයේ උපදේශිකාවක් මෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් දියණිය වන ඉවන්කා ට්‍රම්ප් අයිවරි කෝස්ට් රාජ්‍යයේ කොකෝවා ගොවිපලක නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක් වී තිබුණි.

එහිදී ඇය එරට තුළ කොකෝවා කර්මාන්තයේ යෙදෙන කාන්තාවන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ආයෝජනය කරන බව පැවසීය.

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද ආයතනය සමග එක්ව එම මුදල් ආයෝජනය කරන බව ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර එම මුදල් වාණිජ වශයෙන් ඵලදායි ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් ඉන් ලැබෙන අදායම් පවුල් අතර බෙදී යාමෙන් ඔවුන්ගේ දරුවන්ට පාසල් යාමට හැකි වනු ඇති බව අයිවරි කෝස්ට් බලධාරීන් ප්‍රකාශ කළේය.

Read more

Local News