Tuesday, March 19, 2024.

ප්‍රතිසංධාන ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය

Share

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් සහාය ලබාදිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව එහි මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ මූල්‍ය සංවර්ධන සමුළුව සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හා එක්සත් ජතින්ගේ මහ ලේකම්වරයා අතර පැවැති හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

පෙරේදා (16දා) මෙම හමුව සිදුව තිබේ. එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සාමයෙන් විසඳා ගැනීම පිළිබඳවද ඔහු සිය සතුට ප්‍රකාශ කර තිබේ.

Read more

Local News