මහ සිකුරාදා දිනය අදයි

Share

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමේ දුක්ඛප්‍රාප්තිය සිදුවූ මහ සිකුරාදා දිනය අද(19) ට යෙදී ඇත.

ලොව පුරා කිතුනු බැතිමතුන් අද එම දිනය සමරා දේවස්ථානවල දී ආගමික වතාවත්වල නිරත වේ.

කිතු සමිඳුන් සිය ජීවිතය කුරුසිය මත පූජා කළ තුන්පෑ ධ්‍යානය අද සෑම දෙව්මැදුරකදීම පැවැත්වේ.

සිය එදිනෙදා දිවි පැවැතුම්හි සැප විහරණ අවස්ථාවන්ගෙන් වැළැකී බැතියෙන් පාස්කු සමය ගත කරන කිතුනුවන්ගේ විශේෂිතම දිනය ලෙස මහ සිකුරාදා සැලකෙයි.

දින තුනකට පසු පාස්කු ඉරු දින කිතු සමිඳාණන් මළවුන්ගෙන් නැගිටීම එනම් කිතු උත්ථානය සමරනු ලබන්නේ උත්සවශ්‍රීයෙනි.

Read more

Local News