Home දේශීය පුවත් ආශුට එරෙහිව බන්දුලගෙන් පැමිණිල්ලක්

ආශුට එරෙහිව බන්දුලගෙන් පැමිණිල්ලක්

0
ආශුට එරෙහිව බන්දුලගෙන් පැමිණිල්ලක්

තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළ බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාට එරෙහිව පැමිණිල්ලක් භාරදීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවට ගොස් තිබේ.

මන්ත්‍රීවරයා එළෙස පිටත්ව ගියේ අලුත් අවුරුද්දේ අදට යෙදෙන රැකී රක්ෂා සඳහා පිටත්වීමේ චාරිත්‍රයට අනුවයි.

පසුගිය දා සම්මත කළ අයවැය ලේකනය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවෙදි අදහස් ප්‍රකාශ කරන විට එයට බාධා කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා හැසුරුණ බවද මන්ත්‍රීවරයා පවසයි.

එම අවස්ථාවේදි මන්ත්‍රීවරයෙක්වන තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ වු බව බන්දුල මන්ත්‍රීවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් නිතීමය පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here