ආණ්ඩුවේ නොහැකියාව ගැන මහින්ද කියන දේ මෙන්න

Share

එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් කොපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් වූවද ජනතාව බුද්ධිමත් තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (19) පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබාගැනීම සඳහා නුවරඑළිය, හාවාඑළිය ශ්‍රී මුත්තුමාලි අම්මාන් කෝවිල වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව සමඟ පසුගිය දා පැවැත් වු සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, කොයි අපේක්ෂකයා පැමිණියත් ජනතාව බුද්ධිමත් ලෙස තීරණ ගන්නා බව ද සඳහන් කළේය.

වතුකරයේ ජනතාව වෙනුවෙන් රුපියල් 1000 ක මුදල ලබා දීමට නොහැකි වු බවත්, තමාගේ පාලනය කාලය තුළ දී නම් ඉල්ලපු ගාණක් ලබා දුන් බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය රෝහල තවමත් විවෘත කර ගැනීමට රජයට නොහැකි වී ඇති බවත්, වසර 4ක විශාල කාලයක් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා තමා විවෘත කර දුන් පසු එය විවෘත කර ගැනීමට පවා වත්මන් ආණ්ඩුවට නොහැකි බව පැවසූහ.

Read more

Local News