මැතිවරණ පරක්කු කිරීම ලෝක වාර්තාවක් බව සේමසිංහ කියයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කළේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ අරමුණින් මිස ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමේ අරමුණින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජනාධිපතිවරණය නොපැවැත්විය හැකි යැයි අලුත් මතවාදයක් ගොඩ නගිමින් සිටින බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ලබන අවුරුද්දේ මැයි මාසයේ පැවැත් වීමට කටයුතු කළහොත් වත්මන් ආණ්ඩුව සියලුම මැතිවරණ පරක්කු කිරීමේ ලෝක වාර්තාව අතරට එක්වන බවත්, ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් නීතියානූකූල ලෙසම දෙසැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත් වීමේ අවශ්‍යතාවය පවතින බවත්,  ඒ පිළිබඳ කිසිදු සැකයක් තබා ගත යුතු නැතැයි ද පැවසු මන්ත්‍රීවරයා මේ වන විට පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා කරමින් පැවති බවත් ඊළඟ දිනය ගැන තමා නොදන්නා බවත් කියා සිටියේය.

ඊළඟ දිනය නියම වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළුතරයක් පිරිස විවිධ ප්‍රකාශ නිකුත් කරන බව ද පැවසු මන්ත්‍රීවරයා සාකච්ඡා පැවැත් වුයේ එජාපයට විරුද්ධ පුළුල් බලවේගයක් සැකසීමට මිසක් ජනපති අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා නොවන බව පැවසීය.

Read more

Local News