ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා වත්මන් ජනපති

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවට ජනතාව විසින්ම තීරණය කරනු ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

හන්වැල්ල  ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නොපෙනෙන ජනාධිපතිවරණයක් මවා පාමින්, ජනතාව නොමඟ යවමින් අද වන විට රට වෙනත් තැනකට ගෙන යමින් තිබෙන බව ද පැවසු දේවප්‍රිය මහතා, විපක්ෂයට එජාපයේ කෙනෙක් බලයට ගෙන ඒමට අවශ්‍ය බව පෙනී යන බව ද සඳහන් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් ආරම්භ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඉදිරියේ දීත් පොදු වමේ නායකයෙකුට ලබා දෙන බව ද පැවසු ඉසුර දේවප්‍රිය මහතා, කිසි විටෙකත් එය එජාපයට ලබා දීමට බලාපොරොත්තු නොවන බව ද පැවසීය.

අවසන් තීන්දුව වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකයා වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා ඉදිරි දින කිපය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් කීපදෙනෙක් එල්ලුම්ගහට නියම කිරීමට නියමිත බව ද දේවප්‍රිය මහතා සඳහන් කළේය.

Read more

Local News