මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රි ලංකාව ඉහළට එයි

Share

මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාව සමත් වී තිබේ.

“දේශ සීමා නොමැති වාර්තාකරුවෝ” නැමැති සංවිධානය මේ වසරට අදාළව ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ 126 වන ස්ථානයයි.

පසුගිය වසරේදී ශ්‍රි ලංකාවට 131 වන ස්ථානයත්, 2017 වසරේ 141 වන ස්ථානයත් හිමිව තිබුණි.

මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් නොර්වේ, ෆින්ලන්තය සහ ස්වීඩනය යන රටවල්වලට හිමිව තිබේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍යට 33 වන ස්ථානයත් අමෙරිකාවට 48 වන ස්ථානයත් හිමිව තිබීම විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවට 140 වන ස්ථානයත්  චීනයට 177 වන ස්ථානයත් හිමිව තිබේ.

එහි අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ටර්ක්මෙනිස්ථානයයි.

Read more

Local News