දඹගල්ලේ සිදු වු අනතුරකින් කාන්තාවක් මරුට

Share

දඹගල්ල, බූසල කන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ උඩුමුල්ල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දඹගල්ල පොලිසිය සිදු කරයි.

Read more

Local News